Sri Subodha Sangamitta Dhamma Education Institution

Saturday, December 14, 2013

SANGAMITTA MAHARAHAT THERI



Sangamitta Maharahat Theri

Arahat Mihindu Thero arrived in Sri Lanka during the 3rd BC. Upon his arrival, many inspiring discourses were delivered to the people of Sri Lanka and many became devout Buddhists. Many people in large numbers sought refuge in the Buddha, Dhamma and Sanga. After listening to the discourses perched by The Arath Mihindu Thero, the consort of a sub King named Mahanaga, with 500 attendant ladies gained mental attainments. Anuladevi and her five hundred maidens were the first to gain stream entry; (Sothapanna).

 After the Bhikkhu order was firmly established in Sri Lanka, they implored Arahat Mahindu thero to grant the female ordination.  King Devanampiyatissa, felt the urgent need to begin a Bikkuni order in Sri Lanka, but realized that, according to Vinaya, the Bhikkhuni Order cannot be resuscitated as it was in the absence of a Buddha and the right numbers of the Order of Nuns. It was not possible to do so as there was no Nun-lineage or Bhikkhuni order available in Sri Lanka. Arath Mihidu Thero suggested to send a request to King Asoka asking him to send his sister Arahat Sangamitta Theri who was profoundly well learned to be deputed to Sri Lanka for this purpose, along with the sapling of the Sri Maha Bodhi Tree from India.  At first King Asoka did not like the idea of sending his daughter, Sangamita Theri away from him. This was because she was the only one left from his family as Arahat Mihidu and Ven Sumana, (Sangamitta’s son) were already living in Sri Lanka.



But Arahath Sangamitta how- ever consoled her father by explaining to him that the request had come from her noble brother.  She convinced him by saying that, her arrival to Sri Lanka, would greatly benefit Queen Anula and her maidens who were waiting to join the Bikkuni order and this also could bring  great service to the Sasana and to the people of Sri Lanka, to the woman folk in particular. When this was said, King Asoka felt happy to let her go. The king said “May all my family, my kin bring great benefit to the Sinhalese people. “

On the Unduwap Poya Day in the month of December, Arahat Sangamitta Theri, accompanied by eleven Maharahat Theris, and a large group of other people, carried a right south branch of the Bodhi Tree to Sri Lanka on a ship. She travelled from the Sri Maha Bodi at Buddhagaya in Dambadiwa, India, to Anuradhapura. Ven. Sangamitta was 32 years when she took this journey. King Tissa himself received Venerable Sangamitta Theri and the sapling of the Bodhi Tree with deep veneration. They were then ceremonially escorted by the king and his people to Anuradhapura.
On her arrival, she established the Order of Nuns, the Bikkuni order. The Arahat Theri performed the “pabbajja ordination” of princess Anula. This gave the golden opportunity to Anula Davi, the Queen of the Kings brother and 500 great females to enter the order. Princes Anula was the first Sri Lankan woman to be ordained as a Bikkhuni. Her companions numbering more than 1000 who were also observing Dasa Sil were bestowed with pabbajja ordination.


Thereafter, twelve buildings (ashrams) were built to accommodate the nuns and the king built a separate Vihara for Theri Sangamitta known as “Hathalakha- Vihara.”
With the establishment of the Bikkuni order, Sri Lanka for the first time in the History, established the Four Fold Assembly of fourfold Sanga, namely, Bhikkhu, Bhikkhuni, Upasaka and Upasika. The Bodhi tree replaced all other trees of worship, became the oldest known tree in the world and most sacred place of worship to the Sinhalese people and since then, women have been a pillar of strength to Buddhism throughout the Sri Lankan history. They have always had a respected place in the society. 
 Women had been given the freedom to gain spiritual happiness, were able develop higher practice of virtues and women became great supporters of the Buddha Sasana. Later, many Arahat Theris, Great prominent Buddhist female devotees like Viharamahadevi, Soma Devi ,Ahelepola Kumari and many others, emerged in Sri Lanka because of Sangamitta Theri’s great commitment and invaluable service paid to uplift the intellectual and spiritual life of the womanhood..

Arahat Sangamitta Theri lived in Sri Lanka for, nearly fifty years supporting the nuns and improving the quality of the Sri Lankan womenfolk and passed away at the age of 79 at the Hathalaka Upasikaramaya. The king Uttiya, younger brother and successor of Devenampiyatissa, performed her last rites. She was cremated to the east of the Thuparama near the Cittasala in front of the Bodhi-Tree. The location of the cremation had been selected by the Theri herself before her death. A stupa was built by the King Uttiya over her ashes. 

 
 





Since then, the Unduwap Poyaday has been observed by the Buddhists in Sri Lanka on the full moon of December to commemorate the Sangamitta Theri’s sacred arrival and also to mark her bringing a sapling from the Sacred Bodhi Tree. This day is celebrated in view of this unforgettable association of this Noble Theri, an emperor’s daughter, of her great sacrifice, unflagging devotion, unassuming courage she gave for the moral, intellectual and spiritual upliftment for the well being and happiness of the people and the women-fold of Sri Lanka.  
 
Arahat Theri Sangamitta was a true spiritual successor of Prajapathi Gothami, Baddhakaccana (Yasodhara), Dhammadinna, and thousands of other Arahat Theris.


ලාංකීය භික්‌ෂුණි ශාසනය සහ සඟමිත් තෙරණිය

 Extracted from Taranga TC:

අප මහ බෝසතාණෝ පෙරුම් දම් පුරා බුද්ධත්වයට පත්වුණේ ලෝ සතට සෙතක්‌ ශාන්තියක්‌ සලසා දීමටය. මහා කරුණාවෙන් සිසිල් වූ හදවතින් පුරා වසර හතළිස්‌ පහක්‌ මුළුල්ලේ තම ජීවිතය මේ සඳහා කැප කළහ.

ක්‍රි. පූ. 6 සියවස උන්වහන්සේ දඹදිව මධ්‍ය දේශයේ උපත ලබයි. විවිධ ආගම් ඇදහිලි පුද සිරිත් ගහන සමාජයක උපත ලබන උන්වහන්සේ පීඩිත වූ සමාජයට මහා කාරුණික ම වූහ. මින් ඔවුන් අත මුදවා මෙලොව හා පරලොව උභයාර්ථ සිද්ධියට හේතුවන ශාන්ත සුන්දර වූ දහම් මාවතක්‌ හඳුන්වා දෙයි. මේ උතුම් දහමෙහි ඇති නිමල බවත්, නිරවුල් බවත් සත්‍යතාවයත් වටහා ගත් ඇතැමෙක්‌ උන්වහන්සේ කරා ඒකරාශී වූහ. උන්වහන්සේගේ ශාසනික කාර්යභාරයට එය ශක්‌තියක්‌ විය. පස්‌වග තවුසන්ගෙන් ආරම්භ වන භික්‍ෂු ශාසනය මින් ප්‍රධාන තැනක්‌ ගනී.

බුදුන්වහන්සේ භික්‍ෂු ශාසනය මෙසේ ආරම්භ කර සුවිශාල ශාසනික මෙහෙවරක යෙදුනද භාරතීය කාන්තාවට අත්වී තිබුණේ අවාසනාවන්ත කල දසාවකි. එදා බ්‍රාහ්මණ සමාජය කාන්තාවගේ පූර්ණ නිදහස වළ දා තිබිණි. ඔවුන්ගේ උපත දැකීම සමාජයේත් තම පවුලේත් පරිහානියක්‌ ම බව ප්‍රකාශ කළහ. මේ බමුණු මතයට තදින් විරුද්ධ වූ බුදු හිමි කාන්තා නිදහස වෙනුවෙන් කතා කළහ. මාර්ගඵලාවබෝධයට, නිවනට ස්‌ත්‍රීත්වය කිසිසේත් බාධාවක්‌ නොවන බව දෙසූ එකම ශාස්‌තෘන්වහන්සේ ය.

මහා ප්‍රජාපති ගෝතමිය බුදුන් වහන්සේගේ සුළු මෑණියන් වූහ. මහාමායා දේවිය කළුරිය කිරීමෙන් පසු බෝසතාණන් වහන්සේ හදා වඩා ගත්තේ ඇය විසිනි. නන්ද කුමරු ද රාහුල කුමරුද පැවිදි විය. සුදොවුන් රජු ද කළුරිය කළහ. මේ නිසා මහා ප්‍රජාපති ගෝතමිය හුදකලා විය. තම පවුලේ කීපදෙනෙක්‌ සසුන්ගත වී සිටියෙන් ඇයට ද මහණ දහම් පිරීමට අදහස්‌ විය.

කාන්තාවන් පන්සියදෙනෙක්‌ සමඟ බුදු හිමි වෙත ගොස්‌ පැවිද්ද ඉල්ලූහ. බුදුහිමි ගෝතමිය මේ ශාසනයේ ස්‌ත්‍රියගේ පැවිද්ද නොපැතුව මැනවයි ප්‍රතික්‍ෂේප කළහ. දෙවැනි තෙවැනි වරත් ඉල්ලූ නමුත් ප්‍රතික්‍ෂේප කළහ. එහෙත් ඇය උත්සාහය අත්හැරියේ නැත. හිස මුඩුකර කසාවත් හැඳ එකසිය පනස්‌ යොදුන් මග ගෙවා කූටාගාර ශාලාව වෙත ගොස්‌ සිටියහ.

"අනඳ හිමි ඔවුන්ගේ පාද වලින් ගලන ලේ ද ඉදිමී ගිය පාද දැක අතිශයින් දුක්‌ට පත්විය. මේ ප්‍රශ්නයේදී අනඳ හිමි මැදිහත් විය. අනඳ හිමිගේ ඉල්ලීම ද තෙවරක්‌ම ප්‍රතික්‍ෂේප කළහ. උන්වහන්සේ ද අදහස අතහැරියේ නැත. අනඳ හිමි අවසන් වරට බුදුන් වහන්සේ වෙත ගොස්‌ "ස්‌වාමීනි බුදුරජාණන් වහන්ස, යම්කිසි ස්‌ත්‍රියක්‌ සසුන්ගතව විදසුන් වඩන්නේ නම් ඇයට මාර්ග ඵලාවබෝධයට හැකිවේදැයි ඇසූහ. හැකි යෑයි වදාළහ. එසේ නම් පැවිද්ද උපසම්පදාව නොදෙන්නේ මන්දැයි ඇසීය. එවිට බුදුහිමි පළමුව ගත් තීරණය වෙනස්‌ කර එසේ නම් ආනන්දය ඇය විසින් 'අෂ්ඨගරු ධර්ම' පිළිගත යුතුය. සමාදන් විය යුතුය, එයම ඇයට මහණ උපසම්පදාව වේ යෑයි වදාළා, අෂ්ඨ ගරු ධර්ම පිළිගත් පසු මහණ උපසම්පදාව දෙන ලදී. පසුව බුදුහිමිගෙන් කමටහන් ලබාගෙන විදසුන් ලබා රහත් විය. සෙසු භික්‍ෂුණීහු බුදු හිමි දෙසූ නන්දකෝවාදය, සූත්‍රය අසා රහත් වූහ.

මේ අයුරින් ආරම්භ වූ භික්‍ෂුණී ශාසනය ක්‍රමයෙන් ව්‍යාප්ත විය. ෙ€මා, උප්පලවන්නා, ධම්මදින්නා, කිසා ගෝතමී, පටාචාරා ආදී භික්‍ෂුණීහු විවිධ ශාසනික තනතුරු ලැබූහ. මෙසේ තනතුරු ලැබූ භික්‍ෂුණීහු හැත්තෑතුන්දෙනෙකු ගැන සඳහන් වේ. ථෙරි ගාථාවන්හි මේ ගැන වර්ණනා වේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු යුග කීපයක්‌ ගිය පසු ධර්මාශෝක රජු මෞර්ය රාජ්‍යයේ අණසක යටතේ අවන්තියේ පාලකයා විය. ධම් සෝ රජු මුලදී දරුණු පාලකයෙක්‌ වුවද, බුදු දහම වැළඳ ගැනීමෙන් පසු දැහැමි ශ්‍රේෂ්ඨ පාලකයෙක්‌ විය. මිහිඳු කුමරු හා සංඝමිත්තා කුමරිය, රජුගේ දරුවන් වූහ. මිහිඳු කුමරුත්, සංඝමිත්තාවන්ගේ සැමියා වූ අග්ගි බ්‍රහ්ම කුමරුත් පුතණුවන් වූ සුමන කුමරුත් පැවිදි වූහ. පසු කලකදී සංඝමිත්තා කුමරිය ද පැවිදි විය.

ඇයගේ ආචාර්යවරුන් වූයේ ආයුපාලි හා ධම්මපාලි මහරහත් මෙහෙණින් වහන්සේලා ය. සංඝමිත්තා තෙරණිය ආත්ම ශක්‌තියෙන් හා චිත්ත ශක්‌තියෙන් යුත් තෙරණියක්‌ වූවාය. මේ ශක්‌තිය ඇය තුළ ගොඩ නැඟෙන්නේ බුදු හිමි දවස ආරම්භ කළ භික්‍ෂුණී ශාසනයේ වැඩ සිටි මහරහත් මෙහෙණින් වහන්සේලාගේ චරිතාපදාන කියවීමෙන් ලබා ගත් මාර්ගෝපදේශ නිසා මැයි සිතිය හැක. ඇයගේ ශාසනික ජීවිතයට මෙය ප්‍රධානම සාධකයක්‌ විය.

බුදුහිමි පිරිණිවී වර්ෂ 236 ක්‌ ගිය පසු මිහිඳු මහ රහතන් වහන්සේ බුදුÊදහම රැගෙන ලක්‌දිවයිනට වැඩම කළ. බුදු දහම සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත විය. රාජ පුරුෂයන් ඇතුළු බොහෝ පිරිස්‌ සසුන්ගත වූහ. දීපවංශය, මහාවංශය, බෝධිවංශය ආදී වංශ කථාවන්හි මේ ඓතිහාසික සිදුවීම් වර්ණනා කර ඇත.

දෙවනපෑතිස්‌ රජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සියදෙනකු සසුන්ගත වීමට මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසීය. තමන් වහන්සේට එම කාර්ය ඉටු කිරීමට නොහැකි බවත්, තම සහෝදරිය වූ සංඝමිත්තා රහත් තෙරණිය මේ කාර්යය සඳහා වැඩමවා ගත යුතු බවත් ප්‍රකාශ කළහ. ඇයගේ ගමනේදී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවත් වැඩමවා ගත හැකි බවත් ප්‍රකාශ කළහ. දෙවන පෑතිස්‌ රජ මේ කරුණු දෙකම ඉටුකර ගැනීම සඳහා අරිට්‌ඨ කුමරු ඇතුළු දූත කණ්‌ඩායමක්‌ දම්සෝ රජු වෙත යවා කැමැති කරවා ගත්හ. සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩමකර වීමත්, ජය ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාව වැඩමවීමත් යන ඓතිහාසික කරුණු දෙකම සිදුවන්නේ මේ උතුම් උඳුවප් පුර පසළොස්‌වක පොහෝ දිනයේ ය. සංඝමිත්තා තෙරණිය ලක්‌දිවට වැඩම කරවන්නේම මෙහි භික්‍ෂුණි ශාසනය ආරම්භ කිරීම සඳහාය. එනිසාම උත්තරා, හේමා, පසාදපා, අග්ගිමිත්තා, දාසකා ඓග්ගු පබ්බතා, මත්තා, මල්ලා, ධම්මදාසියා යන භික්‍ෂුණීහු කැටුව ආහ. තවද සොළොස්‌ උපාසක පිරිසක්‌ ද පැමිණි බව දීපවංශයේ සඳහන් ය.

අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි කිරීමෙන් පසු සංඝමිත්තා තෙරණිය ඔවුන් සමඟ "උපාසිකා විහාරයේ වසමින් ජීවත් වූහ. සංඝමිත්තා තෙරණියට අපේ රටේ හා සිංහල සමාජයේ වැදගත් තැනක්‌ හිමි වන්නේ අප වෙනුවෙන් සිදුකළ ශාසනික මෙහෙවර රාශියක්‌ නිසාය. මේ නිසා අපේ රටට කීර්තියක්‌ ලබා දුන් අතර ජාත්‍යන්තර කීර්තියක්‌ ද ලබාදුනි.

පස්‌වැනි සියවසේදී පමණ චීනයේ භික්‍ෂුණි ශාසනය පිහිටුවා උපසම්පදාව පිහිටුවීමට කටයුතු කළහ. මේ දූත මෙහෙවරේ නායිකාව වූයේ තිසරා භික්‍ෂුණියයි. මහ මුහුද තරණය කිරීමෙන් මේසා දුරක්‌ වැඩම කරවීමෙන් අපේ කාන්තාවන්ගේ අධිෂ්ඨානයත්, නිර්භීත භාවයත් ආත්ම ශක්‌තියත් කැප වීමත් ඉස්‌මතු වූ අවස්‌ථාවකි. සංඝමිත්තා තෙරණියගේ වැඩමවීමත් සමඟ උතුරු ඉන්දියානු ජන සංක්‍රමණයක්‌ ද ඇති විය. මේ නිසා ආර්ථික සංවර්ධනයක්‌ ද ඇති විය. මෙහි පැමිණි ශේ්‍රණි දහ අටක පිරිස ද මුල්විය.

ජීවමාන බුදුන් වහන්සේ දුටු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව වැඩම කර වීමෙන් එය මුල් කර ගෙන සාහිත්‍යයක්‌ ද ඇතිවිය. පාලි මහාබෝධි වංශය (10 වැනි සියවස) සිංහල බෝධි වංශය (14 වැනි සියවස) චූලබෝධි වංශය (18 වැනි සියවස) හා ධර්ම ප්‍රදීපිකාව බෝධිවංශ ග්‍රන්ථපදය, බෝමුල උපත ආදී ග්‍රන්ථ මුල් තැනක්‌ ගනී. සංඝමිත්තා තෙරණිය පිරිනිවන් පා වසර දහස්‌ ගණනක්‌ ඉක්‌ම ගොස්‌ ඇතත් ශ්‍රී ලාංකීය ජනතාව එකී උදාර සේවය වසරකට සැරයක්‌ හෝ සැමරීමට විවිධ ආගමික කටයුතු සංවිධානය කිරීම අගේ කොට සලකමු. මේ තුළින් අපේ බාල පරම්පරාවට ශ්‍රී සංඝමිත්තා නාමය අමතක නොවී ළමා හදවත් තුළ මුල්බැස ගනු ඇත.

බුදුන් වහන්සේ කාන්තාවට පූර්ණ නිදහස ලබා දී ශාසනයේ මතු පැවැත්මට එදා භික්‍ෂුණි ශාසනය ආරම්භ නොකළේ නම් සංඝමිත්තා තෙරණිය වැනි උතුම් තෙරණියක්‌ භාරතීය සමාජයටත්, ශ්‍රී ලාංකීය සමාජයටත් නොලැබීමට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.

ඔබ හැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !තෙරුවන් සරණයි…!!!!
 

 


No comments:

Post a Comment