Thursday, March 19, 2015


Maithrie Bodisatta – 
The Future Aspirant Buddha

Maitriya Buddha is currently a Bodhisatta, one who has vowed not to achieve
 Nirvana right away even though he has attained certain level of enlightenment. The main purpose of this is to help through compassion, to the people on earth in their path to Nirvana and teach them the teachings of the Buddha in order to eradicate all suffering.
Maitriya Buddha also known as the future Buddha, is believed to be residing in Tusitha Heaven waiting for the right time to descend down to the earth. Tusitha heaven is one of the thirty-three heavens. It is believed to be existing living place of Maitieya Bodhisatta.
  Followers of Mahayana Buddhism believe that if a person chants the holy enchanting "The Promise of Maitriya Buddha" in front of a statue of the Maitriya Buddha (Amitaba Buddha) he/she will be reincarnated in Tusitha Heaven. 

Therawadins believe without any doubt, that a future aspirant Buddha who fulfills all Paramithas (Ten Perfections) and the Brahma Viharas will inevitably be born in the Tusitha heaven.

All Buddhists believe that there had been Buddhas before Siddhartha Gautama (although they appear only rarely on the earth), and that the future Buddha, Maithriya, is even now working towards Buddha hood.  

These past Buddhas are important because a future Buddha's vow to attain enlightenment must be confirmed by a living Buddha, who validates these vows.

The future aspirant Buddha who will be called Mithriya Buddha, is the one who has already accomplished all required aspirations and received affirmations from past Buddhas. This is recorded in the “Chakkavatthi Seehanada Sutta” of Deeganikaya (The Long Discourses), which was handed down to us on the visit to Sri Lanka by the Arahat Mihindu Thero. We have gathered further details from the Theravada Buddhist texts such as Anagatha Wansaya, Buddha Wansaya and Mahawansaya, etc.; 

"Maitreya is the only celestial Bodhisattva recognized by the sects of the Theravada school, who represented him from the outset. His images appear in Gandhara, perhaps even before those of the Buddha (with whom he was perhaps confused): he is represented standing or seated, as an ornamented Buddha, with long thin hair on the shoulders or tied in a chignon on his head, his hands in Dharmacakra mudra when seated, or in Vitarka and Varada mudras when standing" (Buddha-Net).


The Buddha first described about the Mithrie Buddha on his first visit to Kimbulwath Pura, when he discoursed the Buddha-Wanshaya Desana (Discourse of the Past and the Future Buddhas). There the Buddha expounded on the past Buddhas and the future Buddhas who would appear on earth. Then He addressed the audience and announced how rare this opportunity for one, to get to see a Buddha and how powerful this future Buddha would be and asked Ven. Sariputta Thero to encourage people to wish, have courage and determination to meet such an inspirational being. (if one is not able to attain Nibbana in the Gautama Buddha’s 

In the Dasabodhisatta-uddesa,[142] Buddha Gotama declares to Ven. Sariputta, "Not all men will see my physical body. If they encounter my Teachings (sasana), give gifts (dana), observe morality (sila), and cultivate development of the mind (bhavana), through the fruit of that, they will be reborn in the time of Buddha Ariya Metteyya."

Gauthama Buddha first met Mithrie Bodisatta, on His return to Sankassapura after preaching Abhidhamma to Mathru Deva. In that birth, Mithrie Bodhisattva was born as the son of Siriwaddana Situ of Sankassa Pura.  After listening to a Dhamma discussion attended by Ven. Sariputta, he had expressed the willingness to join the monastic order. The Mithrie Bodhisattva obtained the higher ordination from the Buddha and was named “Bhikkhu Arya Miethirya.” There after he practised the compositions well and became famous as an excellent Dhamma expounder.

Once Ven. Maha Prajapathi Gotami Theri offered two robes to Ven. Arya Miethriya. Ven. Arya Mithriya offered them back to the Buddha. The Buddha saw in his vision that Ven. Arya Miethriya would become the future aspirant Buddha and there he gave affirmation to him and announced the audience that he would become the future Buddha. Ven. Arya Mithriya had obtained the first affirmation through Muhurtha Buddha back over innumerable lives.

Metteya Buddha (Miethrie Bodisatta) is a living being who is now residing in the Thusitha Heaven as a powerful God (according to the Discourse delivered by the Gautama Buddha on "Buddha Wansaya Desana”). He will live in the Thusitha heaven until the right time reaches for him to appear in the human world.

A Bodhisattva’s great aspiration is to develop compassion and wisdom to a greater extent in an unbounded manner. Thus, Achaiya Dhammapala explains: "Through wisdom and compassion respectively, he becomes his own protector and the protector of others, a sage and a hero, one who does not torment himself and one who does not torment others, one who promotes his own welfare and the welfare of others, fearless and a giver of fearless, dominated by consideration for the Dhamma and by consideration for the world, grateful for favors done and and forward in doing favors for others, devoid of delusion and devoid of craving, accomplished in knowledge and accomplished in conduct, possessed of the powers and possessed of the grounds of self-confidence. Thus wisdom and compassion , as the means for attaining each of the specific fruits of the paramitas, is the condition for the paramis. And the same pair is a condition for the resolution as well" (extracted from," A Treatise On Paramis"-Acharya Dhammapala, 1996, BPS, translated by Bhikkhu Bodhi).

The present Meithrie Buddha has accumulated and perfected all Ten Perfections (Dasa Paramitha) over innumerable lives, through-out his Samsara, abides by the Brahma Viharas (The Four Sublime Virtues) and is lived by the highest virtues in order to reach the plane of supreme Buddhahood. He has accumulated the highest merit that anyone can accumulate on this Deva and human realms, and will be the future Buddha to be. Therefore he is worthy of reverence, worthy of all offerings and worthy of esteem and a supreme field of merit to those who worship and offer anything with a pure mind.

Thrie Kalina Buddhas - The Buddhas who Appear in the Three Time Frames

"Yecha Buddha Athithacha - Yecha Buddha Anagatha
Pchchuppanna cha ye Buddha - Ahan vandami Sabbada"

"Whoever the Buddhas that appeared during the three time frames, in the past, in the future and in the present, I always pay my gratitude and respect to all."


This clay votive tablet, reportedly found at Tagaung, Pagan, northern Burma (now Myanmar), depicts the Buddha seated beneath the tower of the Mahabodhi temple at Bodh Gaya, in eastern India. He is seated in the lotus pose with the gesture of touching the earth (bhumisparsa mudra). He is flanked by standing figures of the Dipankara Buddha on the left and of Maitreya Buddha on the right.

Buddhists believe that those people who at present attending to meritorious deeds by leading a religious life will have a chance to be reborn as human beings in the time of Maitriya Buddha and will obtain Nibbana identical with that of Gautama Buddha. In this way they will find salvation through the guidance of His Teaching. His Teaching will become a hope of the remote future for everybody. However, according to the Buddha devout religious people can attain Nibbana at any time if they really work for it irrespective of whether a Buddha appears or not as this is a time frame you have the opportunity to hear the Dhamma.

“As long as my disciples lead a pure religious life, so long the world will never become empty of Arahants”(Maha Parinibbana Sutta)."

මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් සුව ලබන්නට නමි:
මෙලොවින් පහව ගොස් දඹදිව හිමාලයේ ස්වර්ණමය පර්වතයෙක කල්පයක් ආයු ඇති දිව්‍ය රාජයෙක්ව ඉපිද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් සුව ලබන්නට පහත ගාථාව උදේ සවස කියා පන්සිල් රකින්න.... (පැරණි බෞද්ධ වන්දනා ගාථා)

ඉතෝ චුතොහ൦ වර-ජම්බුදීපේ -
හිමාලයේ හෙම්මයම්හි කූටේ
කප්පායුකෝ දේවපතී ච හුත්වා -
මෙත්තෙය්‍ය-නාථස්ස සුණෝමි ධම්මං

දුර්ලභ ඉතා වටිනා ලිපියක් ~
ලිපිය කියවා සැමදෙන අතර බෙදා හරින්න

~ මතු බුදුවන ලොව්තුරා බුදුවරු ~

ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල 
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතියදසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවතයි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.

සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.

දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:

01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):
01. අජිත තෙරුන් - මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්
02. රාම රජු - රාම සම්මා සම්බුදු රදුන්
03. පසේනදි කොසොල් රජු - ධම්මරාජ සම්මා සම්බුදු රදුන්
04. අභිභූ දෙව්රජු - ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්
05. දීඝසෝණ රාහු අසුරින්ද නාරද සම්මා සම්බුදු රදුන්
06. චඞ්කී බාහ්මණයා - රංසිමුනි සම්මා සම්බුදු රදුන්
07. සුභ බ්‍රාහ්මණයා - දේවදේව සම්මා සම්බුදු රදුන්
08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා - නරසීහ සම්මා සම්බුදු රදුන්
09. ධනපාලක ඇතා - තිස්ස සම්මා සම්බුදු රදුන්
10. පාරිලෙය්‍යක ඇතා - සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:

සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු යයනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.

 බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.

ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:

මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.

බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.

මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.

පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.

මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.

මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.

එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.

මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.

නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.

රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.
දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට ඔබ මතු බුදු වන්නේ යැයි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.

රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැයි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.

ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.

රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.

දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.

නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.

තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.

මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහි මතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙනමය.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් දීඝනිකාය 03, අඞ්ගුත්තරනිකාය 02 යන ත්‍රිපිටක ග්‍රන්ථ, මොරටුවේ සාසනරතන හිමියන්ගේ ලක්දිව මහායාන අදහස්කෘතිය හා මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි සිංහල ශබ්දකෝෂය ද ඇසුරු කැරිණි).
විශේෂ ස්තුතිය - නමස්කාර සඟරාවට සහ මෙම ලිපියේ කතෘ~ හසන්ත වාසනා සමරසිංහ ~
ඔබ සැමට තෙරුවන් සරණයි..

බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන්

මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය.

1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති
2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති.
3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති.
4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි.
5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි.
6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති.
7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි.
8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි.
10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි.
11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය.
12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. "දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි" යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති.
13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.
14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.
"මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. "
15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි.
16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්‍රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ.

එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. 'බුද්ධ' යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්‍රමාදී වෙත්වා !!


  1. Nice sharing, many nice photos here. If you interested for more Dhamma relate article, may feel free visit: